sri lanka

Saturday, March 26, 2011

බල්ලොත් එක්ක බෑ!| [රජරට සොයුරන්ට....,]


නිමිත්ත- රජරට විශ්වවිද්යා ලයේ "සිහින හොරු අරං" නාට්ය ය ප්ර鰼දර්ශනය කිරීමට ඉඩ ලබා නොදුන් පරිපාලනයට එරෙහිව උද්ඝෝෂණය කිරීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම.

ඉතින් බැරි උනා නේද
ඉඩක් වෙන් කරගන්න
නාට්ටිය පෙන්නන්න

නාට්ටිනං පෙන්නුවා
පේරාදෙණියෙදිත් බොහොම
සිහින හොරු අරං ගියේ නං
ඒකාඅධිපති - පෙන්නුවට පස්සෙදි ය.

බල්ලොත් එක්ක බැරිය
පරිපාලකයො බොහොමයක්
හොරු සමඟ හෙළුවෙන්ය
අන්න ජ'පුරටත් ළඟදි
සුදු රෙදි හොරෙක් ඇවිදින් ය.

වීරයා මැරිල නැහැ තවම
බේරගන්නකං - සිරකාර සොහොයුරන්
ආපසු හැරෙන්නට බැරිය.

-දමිත් උදයංග දහනායක
පේරාදෙණිය විශ්වවිද්යාකලය
(මට වෙඩිතියන්නැද්ද?)

Saturday, February 12, 2011

වාර්ෂික පිරිත....

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව පවත් වනු ලබන පිරිත් සජ්ඣායනය පසුගිය 11 වනිදා රාත්‍රිය පුරා පවත් වනු ලැබීය.පීඨාධිපති තුමිය ඇතුළු පීඨ පරිපාලනයටත් ආධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල වලටත් සිසුන්ටත් සෙත් පතා මෙම පිරිත් සජ්ඣායනය සිදු කරනු ලැබීය..














.

Friday, January 21, 2011

ශාස්ත්‍ර පීඨ 05 වසර කණ්ඩායමේ සිසුන් 18 දෙනාට උපාධි ප්‍රධානෝත්සවයට සහභාගීවීමට ඇති අයිතිය තහවරූ කරනු



ශාස්ත්‍ර පීඨ 05 වසර කණ්ඩායමේ සිසුන් 18 දෙනකුට උපාධි ප්‍රධානෝත්සවයට සහභාගීවීමට මෙවර වරම් හිමි වී නෑ.එයට හේතුව ඔවුන්ගේ වරදක් නොවේ. ශාස්ත්‍ර පීඨ පීඨාධිපතිතුමියට අදාළ කාල වකවානුව තුළ දි විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වීම හේතුවෙනි ඔවුන්ට මෙසේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගීවීමට මෙවර වරම් හිමි නොවන්නේ.වසර 13 පාසල් අධ්‍යාපනය හදාරා තවත් වසර 3 හෝ 4 ක්  විශ්ව විද්‍යාලය තුළද අධ්‍යාපනය හදාරා ජීවිතයේ ලැබෙන අමරණීය මොහතකට පරිපාලනයේ වරදක් නිසා සහභාගී වීමට නොහැකි වීම කෙතරම් අභාග්‍ය සම්පන්නද?

පොලිසියට මල් මිටක්


"පොලිසි‍ෙය් හැසරීම ඉතාම හොදයි"-විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීම ගැන ජනපති කියයි

ඔව් විශ්ව විද්‍යා‍ෙල උන් ටික
පොලිසිට ලේ පෙරෙන්න ගහල නේ..
ඒත් පොලිසිය කාටවත් ගහල නෑ
ඉනේ තිබුණ බෙල්ට් එක එහෙම්ම තිබුණ
‍කෙල්ලො දුවන කොට වැටිල නේ බල්ලෙකුට බය වෙලා..
පපුවෙ තිබුණ වැලි ටික පිහද‍ලා තියෙන්නෙත් පොලිසියෙ
මල්ලිලා නේ...
කෙල්ලන්ට ගහල තියෙන්‍ෙන් උන්ගෙම කොල්ලෝ නේ..
‍‍ජේවීපී කාරයෝ....
කොල්ලො ටික උන් උන්ම ගහගෙන ආතල් එකට
හොද වැඩේ උන්ට..
එකෙක් හිරේ යැව්වා නම් කට වහගෙන හිටියා නම් හරි නේ...
නැත්තම් ඉතින් ඇමතිහාමදුරැවන්ට සහය පළ කොළා නම් වැඩේ ගොඩ..
මාධ්‍යක‍ාරයෙන්ට ගහලා තියෙන්‍ේන වැරදිලා නේ..
කොස්තාපල් මහත්තයා හිතල තියෙන්‍ නේ කොටි කියලා...
ID අකුරෑ කියවගන්න බැරි වෙලාලු..
8 පංතියෙන්ම JOB එක හම්බ වෙලානේ...
ඒ තරම්ම දක්ෂයි..
දැන් ඉතින් තව තරැ පටි ටිකක් දුන්නා නම්
කරපු සේවයට..
රටක් වටින මේ ඇත්තන්ට

Tuesday, January 18, 2011

WELCOME